Friday, February 06, 2026
Follow Us
ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමුවෙයි

ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් හඳුනා ගැනේ.

විදෙස් රටක සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින් පුද්ගලෙකුට සිදු කළ නියැදි පරීක්ෂාවක දී ඒ පුද්ගලයාට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි

(Aruna)