Friday, February 06, 2026
Follow Us
තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක ආසාදිතයන් නැවතිලා

මෙරටට පැමිණ ගාල්ලේ ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොවිඩ් ආසාදිත වී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර තිබේ.

මොවුන් ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වන බව වාර්තා වෙයි.

ආසාදිත කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි වන අතර දියණියන් තිදෙනා අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් ය.

පසුගිය අප්‍රේල් 30 දින මෙම හෝටලයට මොවුන් පැමිණ තිබෙන අතර පසුගිය 05 වන දින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට හඳුනා ගෙන තිබේ.

(Aruna)