Tuesday, July 08, 2025
Follow Us
කුරුණෑගල ග්‍රාම සේවා වසම් 63ක හුදකලා බව ඉවත් කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82 න් මතු කියැවෙන ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරයි.

ඒ අනුව තවදුරටත් හුදෙකලා බව පවතින ප්‍රදේශ 19 වන්නේ,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ
කුලියාපිටිය නගරය
අස්සැද්දුම
මීගහකොටුව
දික්හැර
දීගල්ල
කබලෑව
කිරින්දව
අනුක්කනේ
ඉහළ කලුගමුව
වෙලුගම
තබ්බෝමුල්ල
දණ්ඩගමුව බටහිර
දණ්ඩගමුව නැගෙනහිර
මඩකුඹුරුමුල්ල
ඉහළ වීරඹුව
පහළ වීරඹුව
කෝන්ගහගෙදර
තුන්මෝදර
කැටවල ගෙදර
අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම සේවා වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් නිදහස් කරයි.

(Aruna)