Friday, February 06, 2026
Follow Us
නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් ගණන 2129 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ(06) දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්තා වී ඇත.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05දෙනෙක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02දෙනෙක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03දෙනෙක්, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් 03දෙනෙක්, රාගල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 04දෙනෙක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් එක්කෙනෙක්, නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගි අංශයෙන් 08දෙනෙක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03දෙනෙක්, හගුරන්කෙත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 14දෙනෙක්, නව තිස්පනේ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 06දෙනෙක් වශයෙන් ආසාදිතයන් හමුව ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 15කි.

(Aruna)