අලුත් අවුරුදු සමයේ සිට මේ මස 04 දින දක්වා කාලය තුලදී කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.
මේ වනවිට මෙම ඇඟලුම් සේවක සේවිකාවන් ගේ ආශ්‍රිතයන් 350කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් 52කු කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැතිවිම නිසා තවමත් නිවෙස්වල සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
(Aruna)