Tuesday, July 08, 2025
Follow Us
අවුරුදු රැල්ලෙත් වැඩිම මරණ 50 පැනපු අයගේ

අප්‍රේල් මස 11 වැනිදා සිට ඊයේ (5 වැනිදා) දක්වා ගතවූ දින විසි හතරට සිදුවූ කොවිඩ් මරණ 122කින් මරණ 103ක්ම අවුරුදු පනහට වැඩි පුද්ගලයින් බව වාර්තා වී ඇත.

මේ අනුව අවුරුදු රැල්ලෙන් සමාජයේ තරුණයන්ට වැඩි අවදානමක් ඇතැයි භීතියක් ඇති වුවත් තරුණ වයසේ මරණ ලෙස වයස අවුරුදු 10 සිට 30 දක්වා වයස අතරේ එක් අයෙකුද, වයස අවුරුදු 31 සිට 40 දක්වා මරණ හයක් පමණක් ද වාර්තා වී ඇත. ඊයේ (5 වැනිදා) වන විට ඇති මුළු මරණ අතරින් වයස අවුරුදු 71ට වැඩි මරණ 333ක්ද, 61ත් 70ත් අතර 184 දෙනකුද, වයස 51ත් 61ත් අතර 99 දෙනකුද, වයස 41- 50 ත් අතර 59 දෙනකුද, වයස අවුරුදු 31-40ත් අතර 21 දෙනකුද, වයස අවුරුදු 10-30 අතර 10 දෙනකුද වාර්තා වී ඇත.

(Aruna)