Tuesday, July 08, 2025
Follow Us
කැස්බෑවේ අවුරුදු උත්සවයකට සහභාගී වූ හැමෝටම කොවිඩ්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16 කදී කොරෝනා ආසාදිතයින් 400කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

රෝගීන් අතර අමාත්‍යවරයෙක්ගේ බෑණනුවන් හා කාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් ද වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

කැස්බෑවෙන් වැඩිම ආසාදිතයින් ගණනක් ඊයේ(04) දිනයේ දී වාර්තා වී ඇති අතර රෝගීන් 149 දෙනෙක් මෙලෙස වාර්තා වී ඇත.

ඉකුත් 30දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 268 කින් එම රෝගීන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් එම ප්‍රකාශකයා සඳහන් කරයි.

මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙනි.

කැස්බෑව ප්‍රදේශයේ අලුත් අවුරුදු සමයත් සමඟ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ සියලුම පිරිසට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව ද වාර්තා වේ.

(Aruna)