Friday, February 06, 2026
Follow Us
ධම්මික පැණිය සායනික පරීක්ෂාවෙන් ෆේල්

කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව වෙත ඔහු විසින් නිපද වූ පැණිය පිළිබද සායනික පරීක්ෂණ පැවැත්වීමට යොමු කර තිබූ අතර එම සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් සිදුකරන ලද සායනික පරීක්ෂාවේදී අදාළ පැණිය අසමත් වී ඇති බව වාර්තා වේ.

අදාළ පැණිය කිසිදු අයුරකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බවට තහවුරු වී තිබේ

(Aruna)