Tuesday, July 08, 2025
Follow Us
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු කොරෝනා මර්ධනය සඳහා දේශීය ඖෂධයක් යොදා ගත් බව කියන පුවත ගැන කිසිවක් දන්නේ නැහැ - රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක කියයි

සිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හෝ වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධයක් නිපදවා ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පවසනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වන සම්පත් ගුණවර්ධන නමැත්තා විසින් ඉගුරු, සුදුළුෑනු, කොත්තමල්ලි වැනි දේශීය ඖෂධ යොදාගෙන එම ඖෂධය නිර්මාණය කළ බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කෙරුණේ. සිය රෝහලේ නම යොදාගැනීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාට එරෙහිව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත දැනුම්දීමක් සිදුකරන බවද කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)