Tuesday, July 08, 2025
Follow Us
රටේ සෞඛය ගැන PHI සංගමය පැහැදිලි කරයි

රටේ ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ධාරිතාව ඉක්මවා යෑම සහ සම්පත් සීමාසහිතවීම හේතුවෙන් සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කර ඇත.

මේ අතර පසුගිය 27 වනදා සිට මෙරට දෛනිකව ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර එය සියයට 70 ක පමණ වර්ධනයක් බව ඔහු පෙන්වා දී තිබේ.

එබැවින් පවත්නා කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

(Aruna)