Friday, February 06, 2026
Follow Us
රෝහලේ ඉඩ නැති නිසා කොරෝනා කත බසයෙන් ගෙදර ගිහින්

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඉකුත් 28 වැනිදා සුවසැරිය ගිලන් රථයකින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළු වූ අලව්ව රත්තරන් හේන පදිංචි කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් හඳුනාගෙන ඇත.

මේ බව පෙරේදා (01 වැනිදා) හඳුනාගත් අතර රෝහල තුළ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බැවින් තම නිවසට වී සිටින ලෙස ඇයට දන්වා ඇත.

ඉන් අනතුරුව ඇය දඹදෙණිය රෝහල අසල සිට ගිරිඋල්ල දක්වා බස්රථයකින් ගමන් කොට නැවත වරක් ගිරිඋල්ලේ සිට මීරිගම විලවත්ත දක්වා ද බස්ථයකින් ගමන් කොට ඇත.

නැවත විල්වත්තේ සිට යත්තල්ගොඩ දක්වා දුම්රියෙන් පැමිණ රත්තරන් හේන පිහිටි නිවසට ගොස් ඇත.

පසුව මෙම කාන්තාව එදින සවස දඹදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාය වෙත යොමුකළ බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

(Daily Mirror)