Monday, July 07, 2025
Follow Us
දිවුලපිටිය කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 43ක් හමුවෙයි

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කොවිඩි 19 ආසාදිතයින් බවට අද (03) අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසනවා.

කර්මාන්ත ශාලාව තුළදී අද සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් හමුවූ බවයි ඔහු සඳහන් කළේ.

එම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කර්මාන්ත ශාලාව මගින් සිදුකර තිබූ අතර දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් හෙට (04)
එම කර්මාන්ත ශාලාවේ දී PCR පරීක්ෂණ සිදු කරන බවත් එයින් ලැබෙන ප්‍රතිඵල අනුව කර්මාන්තශාලාව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න තීන්දු කරන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලතිලක වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 200 කට අසන්න පිරිසක් සේවය කරනු ලබනවා.

(Neth)