Saturday, September 12, 2026
Follow Us
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් තත්තවය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව දිවා කාලවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත්  මෙම තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේකීව සිටීම මෙහිදී වැදගත් වන බවත්  නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එමෙන්ම උණුසුම් කාලගුණය හමුවේ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව මහජනතාව වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.