මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, ගොඩයාය ඉරිඟු මිලදී ගන්නා ස්ථානයක් අසල පිහිටි කැලෑ බද ප්‍රදේශයක අද (30) අලුයම 01:04 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් කිසිදු දේපළ හානියක් හෝ මරණයක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ඉරිඟු මිලදී ගන්නා ස්ථානය පිහිටි ඉඩම වටා ගිනි පටියක් කැපීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර, වගකිවයුතු වන සංරක්ෂණ නිලධාරීන් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතින බව මොණරාගල නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් තිබේ.