Sunday, August 30, 2026
Follow Us
රාජ්‍ය දැව සංස්ථාවේ නව පත්වීම් ප්‍රදානය හෙට
රාජ්ය දැව සංස්ථාවේ වසර ගණනක් පුරා පැවති තනතුරු 10ක පුරප්පාඩු සම්පූර්ණ කෙරේ
 
රාජ්ය යාන්ත්රණය වඩාත් කාර්යක්ෂම, ඵලදායී සහ ජනතා හිතෛෂී සේවාවක් බවට පත් කිරීමේ නව රජයේ ප්රමුඛ ප්රතිපත්තිය පෙරදැරි කරගනිමින්, දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති රාජ්ය දැව සංස්ථාවේ මානව සම්පත් හිඟයට විසඳුමක් ලබා දීමට පියවර ගෙන ඇත.
වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10ක් ආවරණය වන පරිදි පුරප්පාඩු 54ක් සඳහා සුදුස්සන් වෙත නව පත්වීම් ප්රදානය කිරීම 2026 අගෝස්තු මස 31 වන දින රාජ්ය දැව සංස්ථා ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්වීමට නියමිතය.
රාජ්ය සම්පත් කළමනාකරණය විධිමත් කරමින්, පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සපුරාලීමට සහ රාජ්ය දැව සංස්ථාව නව්යකරණයෙන් යුතු ශක්තිමත් ආයතනයක් ලෙස ප්රතිව්යුහගත කිරීමට මෙම නව පත්වීම්ලාභීන්ගේ දායකත්වය සුවිශේෂී පිටුවහලක් වනු ඇත.