Saturday, December 13, 2025
Follow Us
ලංකාවේ ඔෂිනිට ලෝකයේ අංක එකේ චෙස් ස්ථානයක්

ශ්‍රී ලංකාවේ ඔෂිනි ගුණවර්ධන ලෝක චෙස් සංගමයේ ශ්‍රේණිගතකිරීම් අනුව වයස අවුරුදු 13න් පහළ බාලිකා ලොව පළමු වැනියා බවට පත් වී තිබේ.

ඒ දෙසැම්බර් 1වැනිදා දක්වා පැවැති තරගාවලිවලදී දැක් වූ දක්ෂතා සමගයි.

සෑම මාසයකම ලෝක චෙස් සංගමය ශ්‍රේණිගතකිරීම් යාවත්කාලීන කරන අතර ඒ අනුව මෙවර ඔෂිනි වයස අවුරුදු 13න් පහළ බාලිකා ලොව පළමු වැනියා බවට පත් වුණේ ලකුණු 2272ක් ලබා ගනිමිනි.

දෙවැනි ස්ථානයේ ඉන්දීය ක්‍රීඩිකාවක් සහ තුන්වැනි ස්ථානයේ කසක්ස්ථාන ක්‍රීඩිකාවක් රැඳී සිටි.