මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරන බවත්, එරටවල සිටින ලාංකිකයන්ට ඒ ඒ රටවල රජය විසින් ලබා දී ඇති උපදෙස් සහ ශ්‍රී ලංකා තානාපති හා කාර්යාල හරහා ලබා දී ඇති මගපෙන්වීම තරයේ පිළිපදින ලෙස විදේශ කටයුතු, විදේශ රැකිය සහ සංචාරක අමාත්‍යංශය ඉල්ලා සිටි.
මෙම තත්වය හමුවේ අමාත්‍යාංශය මඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇති අතර හදිසි අවස්ථාවකදී පහත සඳහන් දුරකථන අංකවලින් තොරතුරු විමසීම් කළ හැකි බව දැනුම් දිය හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.
WhatsApp/Imo +94 71 980 2822
Hot line 1989