Sunday, November 24, 2024
Follow Us
උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල ඡංගම දුරකතන භාවිතය පිළිබඳ දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී හෙට (25) සිට ආරම්භ වන අතර විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සඳහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

එම දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමි නොවන බවයි.

එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, මුල් දින 06ට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර ඊයේ විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.