Monday, October 21, 2024
Follow Us

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) ඉකුත් 18දා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි එයාර් වයිස් මාර්ෂල් බියන්විල (විශ්‍රාමික) උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි මෙහෙයුම් සහ සංවර්ධන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය.

සාකච්ඡාව අවසානයේ මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.