Wednesday, February 11, 2026
Follow Us
UN නියෝජිතයින් හා අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා අතර හමුවක් ඊයේ (18)  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම කෘෂිකර්මාන්තයේ වැදගත් අංශ කිහිපයක් කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.