Saturday, July 05, 2025
Follow Us
කුසල්ගේ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.

ඔහු එහිදී පැවසුවේ කුසල් ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර නොමැති බවය.

කුසල් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග කටයුතු කරන බවද ඈෂ්ලි ද සිල්වා පැවසීය.

"එයාගේ තව ඩොකියුමන්ට්ස් වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් දුන්නට පස්සේ ඉදිරි දින එක/දෙක තුළ ඔහුට වීසා ලැබෙයි.."

එබැවින් මෙන්ඩිස් ට පුහුණු තරගවලට සහභාගීවීමට අවස්ථාව ලැබෙතැයි තමා විශ්වාසකරන බව ඔහු පැවසීය.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජූනි 02 වනදා දකුණු අප්‍රිකාව සමග නිව් යෝර්ක් හීදී පැවැත්වෙයි.

Aruna