Tuesday, May 13, 2025
Follow Us
අද සවසට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර , මහනුවර සහ නුවරඑළිය දිත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වසස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.