Thursday, March 19, 2026
Follow Us
මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

පැල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිට මහවැලි ගඟ හරහා පළායන අවස්ථාවේදී දියේ ගිලී අතුරුදන්වූ රැඳවියාගේ සිරුර හමුව ති‌බේ.

පල්ලේකැලේ පොලිසිය හා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එම සිරුර හමුව ඇති බව පොලීසිය පැවසීය.

එසේ දියේ ගිලී මියගිය රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

ඊයේ (25) පල්ලෙකැලේ එලිමහන් කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟේ ගිලීමෙන් අතුරුදන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ අදාළ රැඳවියා අත්අඩංගුවෙන් මිදී පළායාම සඳහා මහවැලි ගඟට පැනීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවය.

Aruna