Wednesday, February 11, 2026
Follow Us
කඳුළෙන්ද කොවිඩ් බෝවිය හැකියි

කොවිඩ්-19 වෛරසය කඳුළු මගින් සම්ප්‍රේෂණය විය හැකි බව පර්‌යේෂණයක් මගින් සොයාගෙන ඇති බැවින් මේ දිනවල ඇස් රෝගයක් ඇති වුවහොත් අක්ෂි රෝග වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්යය බව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක සඳහන් කරයි.

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණවලට අමතරව ඇස් රතුවීම, කඳුළු සහ කබ ගැලීම වැනි රෝග ලක්ෂණ ද මතුවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.
මෙවැනි රෝග ලක්ෂණ මතුව ඇත්නම් කිසි විටෙකත් ඇස් ස්පර්ෂ නොකළ යුතු අතරම සායනවලට සහභාගි වන ​රෝගීන් ඇස්වලට ඖෂධ දැමීමට පෙර සහ පසු ​හොඳින් සබන් ගා අත්පිරිසුදු කළ යුතු බවද වෛද්‍යවරයා කියා සිටියි. එසේම ඖෂධ ඇසුරුම ඇසේ ස්පර්ෂ නොවන සේ භාවිත කිරීම අනිවාර්යය බව වෛද්‍ය රත්නායක අවධාරණය කරයි.

(Aruna)