Thursday, July 03, 2025
Follow Us
දිලිත් ජයවීර විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වා දීලා

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 260 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා විසින් රුපියල් ලක්ෂ 220ක මුදලක් වැය කර විශේෂ ගුවන් යානයක් ඩුබායි රාජ්‍යය වෙත යැවීම පසුගිය සතියේ මහත් ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

ලෝකයෙහි රටවල් ගණනාවක ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටියදී ඩුබායි රාජ්‍යය වෙතම දිලිත් ජයවීර මහතාගේ මහාකරුණා ඇස යොමුවීමේ ප්‍රධානතම හේතුව වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය එහි සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටීම බවයි ආරචිමාර්ග සඳහන් කළේ.

මේවා සියල්ල දරු සෙනෙහස වෙනුවෙන් කෙරෙන පෞද්ගලික උදව් උපකාර නිසාත් ඒවායින් කාගේවත් ස්වාධීනත්වයට අබමල් රේණුවක හානියක් නොවන බව සියලුම බලධාරීන් පිළිගන්නා නිසාත් අපට නම් මේවා ගැන කියන්නට කිසිම දෙයක් නැත.

(LNW)