Thursday, July 03, 2025
Follow Us
අප ඉදිරියේ පවතින අභියෝගය දැනට වඩා වැඩියි

අප ඉදිරියේ පවතින අභියෝගය දැනට වඩා වැඩි වන බවත් සමාජ දුරස්ථභාවය ,පෞද්ගලික ස්වස්තතාවය ආදී ප්‍රශස්ථ කාරණා සුරැකිය යුතු බව ඉදිරියට මේ ආකාරයට දිගින් දිගටම පවත්වා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද (12) උදෑසන මාධ්‍යවෙත අඳහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීය.ඊයේ සිට මේ දක්වා (උදෑසන )කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත්පැවසීය.

ඊයේ රට විවෘත කළ අතර බෝ ස්ථානවල හොඳ තත්ත්වයක් පැවැති බවත් කී අනිල් ජාසිංහ මහතා කොවිඩ් තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත්ව නොමැති බව ද සඳහන් කළේ ය.ලෝක ප්‍රස්ථාර්ය අනුව තවමත් ඉහළට ගමන් කරන අතර අපේ රට පවතින්නේ පිටතින් ඇතුළට වස දැමූ තත්ත්වයක් බවද පැවසීය.එම නිසා ඉදිරියටත් දැනට වඩා අභියෝගයක් පවතින බවත්
තවමත් රට තුළට වෙනත් රට වල අය නොපැමිණෙන බවද කීය. මෙතෙක් ඇදිරි නීතිය තුළ පවත්වාගෙන ආ සියලු කාරණා,සමාජ දුරස්ථභාවය,පෞද්ගලික ස්වස්ථතාවය පවත්වාගත යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

(news.lk)