ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුව පරාජය කිරීමට අනිවාර්යයෙන්ම සජිත් පාර්ශ්වය කටයුතු කරන බව එම පාර්ශ්වයේ ඉදිරිපෙළ ක්‍රියාකාරික අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනගොස් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඔඩොක්කුවේ තැබීමට සූදානම් පිරිසක් ද ශ්‍රීලනිපය තුළ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රබල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් මත වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කළේය.
UNP Chairman Kabir Hashim has handed over a letter signed by 54 MPs to Prime Minister Ranil Wickremesinghe requesting him to convene the party’s working committee and the parliamentary group in order name the presidential candidate within seven days.
Housing, Construction and Cultural Affairs Minister Sajith Premadasa, for the first time, asserted that he would contest for the presidential election for sure.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය උත්සන්න වන ලකුණු මතුවී ඇති බවත් මෙය බොහෝ දුරදිග යන මට්ටමට පත්ව ඇති බවත් වාර්තා වේ.
Prime Minister Ranil Wickremesinghe yesterday said he was confident the United National Party (UNP) could win the upcoming Presidential Elections and fast-track development already done by the Government tenfold.
ප්‍රධාන දේශපාලන කඳවුරැ දෙකට බොහෝ දෑ කිරා මැන ගැනීම සඳහා දැන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය මගින් ඉඩ සදා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල නිසි ක්‍රමවේදයෙන් මිස යම් කිසිවකු "මමයි අපේක්ෂකයා" යැයි කී පමණින් එය පිළිගැනීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් ප්‍රදර්ශනය කරමින් තිබෙන කටවුට් සහ බැනර් වහාම ගලවා ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයින්ට නියෝග කර තිබේ.
තමන් කෙරෙහි විශ්වාසය තබා තිබෙන ජාතික ජන බලවේගයේත් රටේ පොදු මහ ජනතාවගේත් විශ්වාසයට සහ බැඳීමට අඹ මල් රොණකින්වත් හානියට බඳුන්වීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහතික කළේය.
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයාගේ නම, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබීම අනිවාර්ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2010 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග කළ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ද ඒ වනවිට ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත්ව නොතිබුණු බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.
ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කොට ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දෙපිරිසක් අතර ඇති වී තිබෙන අර්බූදයක් නිසා යළිත් එම පක්ෂය දෙකඩ වීමට ආසන්නයේ පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු පැවසීය.
The JVP Presidential candidate and Leader Anura Kumara Dissanayake yesterday kicked off his campaign urging all communities to unite to transform Sri Lanka into a socially, economically, and politically vibrant country under his leadership.
පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.
තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස 4ට අරලියගහ මන්දිරයේ දී රැස්වීමට නියමිතය.
ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.
Page 510 of 549