Friday, January 16, 2026
Follow Us
මහ මැතිවරණය තියන්නැයි විපක්ෂයේ කොටසක් ආණ්ඩුවෙන් ඉල්ලයි

කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ජාතික සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අදාළ පක්ෂවල සිටින මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස තබා ඇති පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන්ට හා ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් හමුවේ ඒ බව පවසා ඇත.

දෙමළ රාජ්‍ය පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට සිය ධුරය නොමැති නිසා මේ දිනවල සිදුවන කිසිදු කටයුත්තකට ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික්ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ පොලිස් ආරක්ෂක අංශවලින් කැඳවීමක් නොලැබීමත්, මාර්ග බාධකවලදී සිදුවන අපහසුතාවය හේතුවෙන් කඩිනමින් මැතිවරණය පවත්වා අවසන් කිරීම සුදුසු බව පවසා ඇත. පසුගිය සතියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති දෙමළ රාජ්‍ය පක්ෂයේ රැස්වීමේදී මේ සම්බන්ධ‍යන් අවධානය යොමුකර තිබේ.

සමගි ජනබලවේග නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්ද පවසා ඇත්තේ කඩිනමින් මැතිවරණය පැවැත්වී​මෙන් නව පාර්ලිමේන්තු කැඳවීමට හැකි බවයි.

එහෙත් එම පක්ෂවලම කොටසක් මහ මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා සිටින්නේ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නිසා බව ආණ්ඩුවේ ප්‍රබලයකු සඳහන් කළේය.

(Lanka Leads)