Wednesday, July 23, 2025
Follow Us
මහින්ද සම්පූර්ණයෙන් නිශ්ක්‍රීය වෙලා. ඒ අතරේ PB රටේ ආර්ථිකය පහළ දානවා - අජිත්

මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය චරිතයක් බවට පත්කර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රටේ ආර්ථිකය පහළට ඇද දමමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"මහින්ද රාජපක්ෂ මහත්මයා අද වෙනකොට ඉතාම නිශ්ක්‍රීය චරිතයක් බවට පත්වෙලා ඉන්නවා. දේශපාලන වශයෙන් තීරණ අරගන්න ඔහුගේ ඉතාම බරපතළ දේශපාලනික අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න නොහැකි තරමට ඔහු දුර්වල වෙලා.

ඒ අතරේ පී.බී. ජයසුන්දර අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පල්ලෙහාට ගෙනියන්න කටයුතු කරනවා. සමහරු කියනවා මේක පී.බී. ජයසුන්දරගෙ පෞද්ගලික ඉල්ලීමක් කියලා. පී.බී. ජයසුන්දර මහත්තයා එහෙම පෞද්ගලික ඉල්ලීමක් කරන්න තරම් කීර්තියක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් බ්ලැක් ලිස්ට් කරපු කෙනෙක් පී.බී. ජයසුන්දර.

ඔහු ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් සෑම රාජ්‍ය ආයතනයකට ප්‍රධානීන් අමතලා, නීතිපතිට විගණකාධිපතිට පිටපත් යවලා යවන මේ ලිපිය ඉල්ලීමක් නෙවෙයි බලකිරීමක්. සමහර ආයතනවල සේවකයින්ට ලොකු තෝරාගැනීම් නෑ. ආරක්ෂක හමුදාව, පොලිසිය රජයේ අදහස සමඟ වැඩකිරීමට බැඳිලා ඉන්නවා. පී.බී. ජයසුන්දර මේ කරන්නෙ සම්පූර්ණයෙන්ම වක්‍රාකාරයෙන් කරන බලහත්කාරකමක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)