Friday, January 16, 2026
Follow Us
රාජ්‍ය සේවක වැටුපට අත නොතබා රජයේ අනවශ්‍ය වියදම් කපා හරින්න - සජිත්

වත්මන් රජය බලයට පත්කිරීම සඳහා රාජ්‍ය සේවකයන් බහුතරයක් අතිමහත් කැපකිරීමක් කර තිබෙන අතර ඔවුන්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබා දීම රජයේ වගකීමක් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඒ අනුව රජය රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය කඩ නොකරන ලෙසයි ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේ.

කුමන පරිසරයක් තුළ හෝ රාජ්‍ය සේවකයන්ට තිබුණු සහනයටත් වඩා සහන ලබා දීම තමන්ගේ බලාපොරොත්තුව වුවත් එම අවස්ථාව නොලැබී ගිය බවයි ඔහු කියාසිටියේ.

මේ අතර ඉතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයක කඩිමුඩියේ මැතිවරණය නොපවත්වා ඊට වැය වන මුදල්ද රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා යොදාගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)