Friday, January 16, 2026
Follow Us
කතා ඇති රණවිරු සුභසාධනය සලසන්න - සජිත්

කොරෝනා පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ ඉදිරියෙන්ම කටයුතු කරන සෞඛ්‍ය අංශයටත් රණවිරුවන්ටත් පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීම සිදුකළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එය රජයේ වගකීමක් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒවා නිසිඅයුරින් ලබා නොදීම නිසා මේ වන විට ආරක්ෂක හමුදාවල සිය ගණනක් කොරෝනා උවදුරින් විපතට පත්ව සිටින බව ඔහු පෙන්වාදෙනවා.

මේ අතර රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ රණවිරුවන්ට පොරොන්දු වූ දීමනා ද ලබා දිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටිනවා.

(LNW)