Tuesday, July 22, 2025
Follow Us
මැ.කො.ගේ අවසන් තීන්දුව 14 දාට පෙර

පාර්ලිමෙන්තු මහා මැතිවරණය පැවැත් වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම කාලයේ සෞඛ්‍ය බලධාරීන් හා අදාළ අංශ සමග සාකච්ඡා කර කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සමාලෝචනයක් කරනු ඇති බවත් ඊට අනුව මනාප අංක සහිත ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත්වනු ඇති බවත් වාර්තා වෙයි. පසුගිය 02 වැනිදා පෙරවරුවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡවේ දී මැතිවරණ දිනය පිළිබඳව අවසන් තීරණයකට එළඹ නැති අතර ඒ පිළිබඳ තීරණය ගැනීම පක්ෂ විසින් කොමිසමට පවරා ඇත.

(Lanka Leads)