මේ මොහොතේ කළ යුතුව ඇත්තේ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීම නොව ඉක්මනින් මහමැතිවරණය පැවැත්වීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.
"මෙතන කිසිම දේශපාලන වැඩපිළිවෙලක් නෙවෙයි ගියේ. ඒ අය නඟන ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. ඉතිං ඒ අය අද ආවා නම් මේ ප්‍රශ්න විසඳාගන්න තිබුණා, ආපු නැති එකයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ආවායි නැහැයි කියලා මේකෙ ලොකූ ප්‍රශ්නයක් නෑ. මේක දේශපාලන වශයෙන් එජාපයත් සමගි ජන බලවේගයත් ගත්තු වැරදි පියවරක් හැටියටයි මම දකින්නෙ. මේක ආවායි කියලා ලොකූ ප්‍රශ්නයක් නෑ.
පාර්ලිමේන්තුව කැඳවන එක නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, එහෙම නම් ඡන්දයක් තියන්න ඉක්මනින් කටයුතු ටික කරන්න. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. ඒක කරන්නෙ නැතුව පරණ පාර්ලිමේන්තුව ගෙනල්ලා පරණ පාර්ලිමේන්තුව තුළින් ගන්න පුළුවන් පියවරක් මෙතන නෑ. ඒගොල්ලො පාර්ලිමේන්තුව කැඳවා ගත්තාම ඒගොල්ලොන්ටනෙ බහුතර බලය තියෙන්නෙ. එතකොට ඒගොල්ලොන්ට ඕනෙ විදියට ආණ්ඩුව නටවන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලොන්ගෙ වැඩපිළිවෙල තියෙන්නෙ.
මේවා සාමාන්‍ය ජනතාව තේරුම්ගත යුතු කාරණා කියලයි මම විශ්වාස කරන්නෙ. ඔවුන්ට ව්‍යසනය නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔවුන්ගෙ බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)