අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.
ඉන්පසුව රජයේ පාර්ශ්වය ප්‍රකාශ කළේ ඊට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට ද අදාල රැස්වීමට සහභාගි වියහැකි බවයි.
ජනතා විමුක්ති පෙරමුණ මුලින්ම මෙම රැස්වීම වර්ජනය කරන බව ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් රැස්විය යුත්තේ පාර්ලිමේන්තුවේ මස අගමැති නිළ නිවසේ නොවන බව එම පක්ෂය ප්‍රකාශ කළේය.
ඉන්පසු සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොන්ග්‍රසය ද මෙම රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් එජාපය මුලින් තීරණය කර තිබුණේ රැස්වීම සඳහා සහභාගිවීමටයි.
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
(LNW)