දෛනිකව සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ අතරින් ඒවාට රජ මාළිගාවල් සම්බන්ධ කීදෙනෙක් දිනපතා යොමු කෙරෙනවාද, සාමාන්‍ය ජනතාව කීදෙනෙක් යොමු කෙරෙනවාද යන්න පිළිබඳ රජය ජනතාවට හෙළිදරව් කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
"ඇත්තටම මේ ආසාදිත ගාණ අඩුවීම, මරණ ගාණ අඩුවීම සම්බන්ධව සෑහෙන සැකමුසු තත්වයක් අද ඇතිවෙලා තියෙනවා. මොකද මේ රෝගය වැළඳිලාද, නැද්ද කියලා හොයන නිශ්චිත පරීක්ෂණ පිළිබඳ නිශ්චිත දත්ත, තොරතුරු රටට ලබාදීලා නෑ. උදාහරණයක් හැටියට ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් හරි නිව්මෝනියාවෙන් හරි රටේ මියගිය අයගෙන් කීදෙනෙක් කෝවිඩ් පරීක්ෂණය කළාද ? මොකද කෝවිඩ්වලින් මැරෙණවා කියලා දෙයක් නෑ. මැරෙන්නෙ නිව්මෝනියා තත්වයෙන්. එතකොට නිව්මෝනියා තත්වයෙන් මියගිය සැකකටයුතු කීදෙනෙක්ගේ කෝවිඩ් පරීක්ෂණය කළාද කියලා අද මේ වෙනකල් රට දන්නේ නෑ.
ඒ නිසා නොයෙකුත් දුෂ් තොරතුරු සමාජ මාධ්‍ය ජාල තුළ නොයෙක් තැන්වල පැතිරිලා යනවා. අපි දිගින් දිගටම කිව්වා වැඩි වැඩියෙන් පරීක්ෂණ කරන්න කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වා. විශෙෂඥයො කිව්වා. හැබැයි නෑසූ කන්ව ඉන්නවා. ඇයි ? ටෙස්‍ට් වැඩියෙන් කළාම රෝගීන් වැඩියෙන් හම්බුවෙනවා. ඒනිසා ටෙස්ට් කරන්නෙ නැතිද කියන ප්‍රශ්නය ඇතිවෙලා තියෙනවා.
අනිත් පැත්තෙන් තව ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා, මේ පහුගිය කාලෙ ඇති වෙච්ච තොරතුරක් මත. ඒවා දුෂ් තොරතුරුද, ඇත්ත තොරතුරුද කියලා ආණ්ඩුව කියන්න ඕනෙ. රජ මාළිගාවල කීදෙනෙක්ව දිනපතා කෝවිඩ් පරීක්ෂණයට යොමු කරනවාද, සාමාන්‍ය ජනයා කීදෙනෙක් යොමු කරනවාද කියන තොරතුර වහාම ආණ්ඩුව සමාජගත කරන්න ඕනා. මේවා හංගාගෙන යන්න බෑ, මොකද මේවා හෙළිවෙනවා. මේ රට පුංචි රටක්. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒනිසා මේවා මේ බලහත්කාරය මඟින් යටපත් කරගෙන ඉන්න බෑ. නිවැරදි නිසි තොරතුරු කරුණාකරලා ලබාදෙන්න කියන එක අපි ඉල්ලා සිටිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)