Tuesday, July 22, 2025
Follow Us
'අගමැති කැඳවූ රැස්වීමට නොඑන්නේ දේශපාලන අවශ්‍යතා නිසයි' - බන්දුල කියයි

අග‍්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට ඇතැම් පාර්ශ්ව තීරණය කර තිබෙන්නේ දේශපාලන වුවමානවන් නිසා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ පිටුපස රටට ද්‍රෝහි ජාත්‍යන්තර බලවේගද සිටිනවා විය හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අග‍්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීම හෙට (04) පැවැත්වීමට නියමිතයි. එහෙත් සිය නියෝජිතයන් ඒ සඳහා සහභාගී නොවන බවයි සමගි ජනබලවේගය පැවසුවේ. මෙම රැස්වීමට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයද මීට පෙර පැවසුවා.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හෙට පැවැත්වෙන රැස්වීමට සිය නියෝජිතයන් සහභාගී වන බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ.

මෙම රැස්වීමට සහභාගීවන්නේදැයි මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව නෙත් නිවුස් කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානය පැවසුවා.

(Neth)