Tuesday, July 22, 2025
Follow Us
එජාපය අගමැතිගේ රැස්වීමට යෑම දැනට තීන්දුයි

මැයි මස 04 වැනිදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විසුරුවා හරිනලද පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ රැස්වීමකට කර තිබෙන කැඳවීම අනුව එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගී වීමට තීන්දු කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් වූ අවසාන තීන්දුවක් රැස්වීමට පෙර දින එනම් මැයි 03 වැනි ඉරිදා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීමක දී තීන්දු කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමඟ ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද එම රැස්වීම වර්ජනය කරන බව ප්‍රකාශ කොට තිබේ.

(Lanka Leads)