නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයකින් දැනුම් දී නොමැති බැවින් ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මුදල් වැයකිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ, අජිත් පී. පෙරේරා මහතා පවසයි.
"දැන් මැතිවරණය නියම කරලා තියෙන්නෙ ජුනි මාසෙ 20ට. පාර්ලිමේන්තුව රැස්වෙන ඉදිරි දිනයක් නියම කරලා නැහැ ජනාධිපතිවරයා. එහෙම දිනයක් අපි දන්නෙත් නෑ. ඒවගේම ජුනි 20 වෙනිදාට මේක තියන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසෙකුත් නෑ.
මෙවැනි තත්වයක් යටතේ රාජ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව රජයේ කටයුතු සඳහා භාවිතයට හැකියාවක් නෑ. පාර්ලිමේන්තුවේ නිසි අවසරයක් නැතුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිවරයාට ඇති බලතලවලින් ඔබ්බට ගිහිල්ලා රජයේ මුදල් භාවිතා කළොත් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා.
මේක බරපතළ තත්වයක්. එනිසා මේ ව්‍යවස්ථා අර්බුදය වළක්වා ගන්න සියලුම පක්ෂවල නායකයෝ සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියා කළ යුතුයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)