Tuesday, July 22, 2025
Follow Us
මැතිවරණ කොමිසමට උපදෙස් දෙන්නත් කමිටුවක් !

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මහ මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. අදාල කමිටුව පළමු වරට අද (28) දිනයේදී හමුවන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසම, කොවිඞ්-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය, පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යංශය, වසංගත රෝත විද්‍යා අංශය ඇතුළු පාර්ශව කිහිපයක් නියෝජනය වන පරිදි එම කමිටුව සඳහා සාමාජිකයන් පත්කර තිබේ.

මැතිවරණය පවත්වන්නේද එසේ නැතහොත් නැවත කල් දමන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම මෙම කමිටුවේ නිර්දේශ මත සිදු කිරීමට නියමිතය. අදාල කමිටුව සති දෙකකට වරක් රැස් වී පවත්නා තත්වය සමාලෝචනය කරන අතර ඒ අනුව මැතිවරණය සම්බන්ධයෙන් ගතයතු පියවර මැතිවරණ කොමිසම වෙත නිර්දේශ කරනු ඇත.

මැයි 04 වැනිදා අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට පෙර මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙනු ඇත. මැයි මස 02 වැනිදා නැවතත් දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත වේ.

(LNW)