නාවික හමුදාව මගින් නිපද වූ රොබෝ යන්ත්‍රයක් ඇතුළු දෑ නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාර දීමේ උත්සවයකට එක් වූ නාවික නිලධාරියකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත. මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ද පැමිණ තිබේ.
මෙම නාවික නිලධාරියා සමඟ රාජකාරි කළ වැලිසර කඳවුරේ නාවිකයකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබීම මත මෙම පරීක්ෂණයට යොමු කර ඇත.
මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු සෞඛ්‍ය හා නාවික ප්‍රධානීන් එක්ව සිටියහ.
උත්සවයට එක් වූ නාවික නිලධාරියා රෝහල් වාට්ටුවේ දී පමණක් ආරාධිතයන් සමඟ සම්බන්ධ වූ බවත්, එසේ නමුත් ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු බලා සිටින බවත් ඉහළ පෙළේ නිලධාරියකු අනාවරණය කළේය.
(Lanka Leads)