හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලූම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මීට අමතරව දැනට වෙනත් පක්ෂ සමග එක්ව සිටින එජාපයෙන් තරඟකර පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර ඔවුන් මන්ත‍්‍රි ධුරවලින් ඉවත්කර අලූතින් පිරිසක් පත්කිරීමටත් පක්ෂය තීරණය කළ බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉකුුත් 23දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම තීරණ ගනුලැබූ බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
ඉරිදා දිවයින