Friday, January 16, 2026
Follow Us
ආන්දෝලනාත්මක කෝටි අනූවේ චෝදනාවට හිටපු ජනපති මෛත්‍රී පිළිතුරු දෙයි

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ජාත්‍යන්කර මුස්ලිම් සංවිධානයකින් එවක ජනාධිපතිවරයාවූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත කළ පරිත්‍යාගයක් සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා කළ ප‍්‍රකාශයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දැක්වූවා.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේදී ද සාකච්ඡා වූ අතර හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

තමන් වෙත ලැබුනු මුදල් හා චෙක්පත් පරිත්‍යාගය අදාල ගිණුම්වලට ගිණුම්ගත කිරීම සඳහා අදාල නිලධාරීන්ට ලබා දුන් බවද හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා.

තමන් වෙත ලැබුනු ඇතැම් ත්‍යාග පොළොන්නරුවේ පිහිටි සිය කෞතුගාරයේද තැන්පත් කර තිබෙන බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවේ.

(Neth)