Tuesday, July 22, 2025
Follow Us
වලපනේ ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

ඊයේ (24) දිනයේ වලපනේ ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමක් පිලිබඳ ඇතිවූ විවාදයක් දුර දිග යෑමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තටිගේ මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී එස්. කරුපන් මහතාව සභාවෙන් ඉවත් කිරීමට උත්සහ කල අවස්ථාවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණියහ.


ඒ අවස්ථාවේ ප්‍රාදේශීය සභා භුමියේ රැඳී සිටි සමගි ජන බලවේගයේ වලපනේ ආසන සංවිධායිකා නිතිඥ හිරන්‍යා හේරත් මැතිනිය සමඟ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් පල කිරීමට සුදානම් වීමත් සමග සභාවෙන් පිටතට පැමිණි සභාපති ආනන්ද හිත්තටිගේ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායිකා නිතිඥ හිරන්‍යා හේරත් මැතිනියට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරන්නට වූ අතර විපක්ෂයේ මන්ත්‍රී එස්. කරුපන් මහතාට මරණ තර්ජනයක්ද සිදු කෙරුණා.
සිද්ධියෙන් අනතුරුව වලපනේ පොලිසිය වෙත පැමිණි සමගි ජන බලවේගයේ වලපනේ ආසන සංවිධායිකා නිතිඥ හිරන්‍යා හේරත් මැතිනිය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් සටහන් කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිතිඥ හිරන්‍යා හේරත් මැතිනිය කියා සිටියේ විපක්ෂය නිහඬ කරන්නට ආණ්ඩු පාර්ශවය කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම රු. 5000 බෙදා දීමේදීත් අක්‍රමිකතා සිදුවන බවත් මේ අවස්ථාවේ දේශපාලන තර්ක පසෙක තබා මහජනතාව වෙනුවෙන් සියලු දෙනා කටයුතු කලයුතු බවත් ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

(LI)