Tuesday, July 22, 2025
Follow Us
පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපතිතුමා කැමති වුණත් දැන් කරන්න දෙයක් නැහැ - වැරැද්ද විපක්ෂයේ

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීමට හැකි වුවත් එයට කිසිදු අවස්ථාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

මේ වන විට පරණ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වී ඇති නිසා පාර්ලිමේන්තුව කැඳ වුවහොත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාද හසුවන බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

"කොහොමටත් දැන් පරණ පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. මොකද පරණ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙලා. පරණ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 106ක් හිටියා. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දීලා තියෙන්නේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 12ක් නැත්නම් 14ක්. අනිත් අය සමඟි ජන බලවේගයට ගිහිල්ලා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ අලියට 106ක් නැහැ. සුමන්තිරන්ගේ TNA කට්ටියක් වෙනම ඉල්ලනවා. තිබුණ පාර්ලිමේන්තුව කැඳවන්න කියන අයගෙන් මම අහනවා තමුන්ලා පාර්ලිමේන්තුවට එන්නේ මොන පක්ෂෙන්ද කියලා. තිබුණ පාර්ලිමේන්තුවේ ටෙලිෆෝන් එකක් තිබුණේ නැහැ. නැවත පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ටෙලිෆෝන් එකේ අය පාර්ලිමේන්තුවට එන්නේ UNP හැටියට නම් එය මැතිවරණ නීති කැඩීමක්. ඒ අනුව මැතිවරණ නීතියට අනුවත් පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් ජනාධිපතිතුමාට පමණයි. මේ වෙලාවේ ජනාධිපතිතුමා කැමති වුනත් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙලා UNP කණ්ඩායමක් දැන් ඉන්නේ දුරකතනයේ. පාර්ලිමේන්තුව කැඳවුවහොත් දුරකතනයේ අය UNP ප්‍රවර්ධනය කරන්න උදව් කළා වෙනවා. ඔවුන්ට එන්නේ වෙන්නේ UNP විදිහට එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්."

ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

(LNW)