කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
එබැවින්, තමන් විසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුතු බවත් යම් මතභේදයකදී, අධිකරණයේ නියෝගය ගරු කිරීමට තමන් බැඳී සිටින බවත් කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
(Neth)