කොරෝනා වෛරසය අවසන් කළත් නොකළත් මහමැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකි බව වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
"ගිය ජනාධිපතිවරණෙදි ලක්ෂ 70කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්ත අපේක්ෂකයා, අපේ පක්ෂය, අපේ සන්ධානය, මේ මැතිවරණයේදී කොරෝනා රෝගය අපි අවසන් කළත් නැතත් අපට ජයග්‍රහණය කරන්න බැරිකමක් නෑ.
ඒනිසා ජනාධිපතිතුමාගේ විශ්වාසයක් තියෙනවා, ආණ්ඩුවේ විශ්වාසයක් තියෙනවා කොරෝනා වෛරසය නිසා මැතිවරණය කරත් ජනතාවට හානියක් වෙන්නෙ නැහැයි කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ පසුගිය 21 වනදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)