Friday, January 16, 2026
Follow Us
විසුරුවා හැරීමේ ප්‍රකාශනය දැන් බලරහිතයි. කථානායක වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි - කිරිඇල්ල

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශනය දැන් බලරහිත වී ඇති බැවින් කථානායකවරයා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

"පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනය දැන් බලරහිතයි. ඒ ප්‍රකාශනය අනුව සඳහන් කරලා තිබ්බා මැතිවරණය අප්‍රේල් 25ට පැවැත්විය යුතුයි කියලා. නමුත් දැන් මැතිවරණය ජුනි 20 දක්වා කල්ගිහින් තියෙනවා. ඉතින් පැහැදිලිවම ඒ විසුරුවා හැරීමේ ප්‍රකාශනය දැන් බලරහිතයි.

මේ අවස්ථාවේදී ගරු කථානායකතුමාට කරන්න තියෙන්නෙ විසුරුවා හැරීමේ ප්‍රකාශනය බලරහිත නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. 2018 ඔක්තෝබර් මාසෙ එවකට හිටපු ජනාධිපතිතුමා නීතිවිරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් කථානායකතුමා කෙළින් ඉඳලා ඒ විසුරුවා හැරීම පිළිගත්තෙ නෑ.

පාර්ලිමේන්තුව කැඳෙව්වායින් පස්සෙ අපි විපක්ෂයක් හැටියට අපේ යුතුමක ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරසය මර්දනය කරන්න අවශ්‍ය මුදල් අපි සම්මත කරන්න පොරොන්දු වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)