Friday, January 16, 2026
Follow Us
අපට ප්‍රධාන වෙන්න ඕනෑ ඡන්දය පවත්වා ගැනීමයි, අලුත් පාර්ලිමේන්තුවක් කැඳවීමයි - වාසු

තමන්ට ප්‍රධාන කාරණය වන්නේ මහමැතිවරණය පවත්වාගෙන අලුත් පාර්ලිමේන්තුවක් කැඳවා ගැනීම බවත් ඊට එරෙහි වන්නේ මැතිවරණයට මුහුණ දීමට නොහැකි දේශපාලන පක්ෂ බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

"දැනට 20 වෙනිදා තීන්දු කරන අතර ඒ දිනය කල්වැඩියි නම් මේ තියෙන රෝගී තත්වය උඩ රටේ සෞඛ්‍ය තත්වය උඩ නැවත හිතා බලන්න කොමිසමට අයිතියකුත් තියෙනවා, කොමිසම එසේ කරන බවත් කිව්වා.

දැන් අපට මේකෙ ප්‍රධාන වෙන්න ඕනෑ, හැම පක්ෂෙකටම මැතිවරණය පවත්වා ගැනීම, අලුත් පාර්ලිමේන්තුවක් කැඳවා ගැනීම. කොරෝනා තත්වය මීට වඩා ලිහිල් වෙනවා නම් මේ අයට ඡන්දයට මුහුණ දීමේ ගැටළුවයි තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මැතිවරණ කොමිසම විසින් කැඳවා තිබුණු දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)