මාර්තු 14 වනදාත් අප්‍රේල් 14 වනදාත් අතර කාලය තුළ රජය රුපියල් බිලියන 200කට වැඩි මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.
"රාජ්‍ය මූල්‍යය. අපි බොහොම පැහැදිලිව කියනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කරලා තියෙන ඒ නියෝගය - ව්‍යවස්ථාවේ 153 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට මැයි 31 දක්වා වියදම් කරන්න පුළුවන් කියන එක - මාර්තු 06 වෙනිදා සම්පූර්ණ නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්. නමුත් අපි මේක ප්‍රශ්න කරන්න ගියෙ නෑ මේ අර්බුදය මතුවෙලා තියෙන තත්වය අනුව.
මේ ආණ්ඩුව මාර්තු 14 ඉඳන් අප්‍රේල් 14 කාලය ඇතුළත රුපියල් බිලියන 200කට වැඩිය මුදල් අච්චු ගහලා තියෙනවා. ඒකෙන් මේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතවලට මේ රුපියල් 5000 දීමනාව දෙන්න වැය කරලා තියෙන්නෙ රුපියල් බිලියන 20කටත් අඩු ආසන්න ප්‍රමාණයක්.
පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සෙ නව පාර්ලිමේන්තුව තියෙන්න ඕනෙ ජුනි 02 වනදා වනවිට. මැතිවරණය ජුනි 02ට කලින් පවත්වන්න හැකියාවක් නෑ. ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් පැන නැඟිලා තියනවා. දැන් ජුනි 20 කිව්වයි කියලා ඒ ව්‍යවස්ථා ප්‍රශ්නය විසඳිලා නෑ. මේවායෙදි තමන්ට බලය තිබුණු පමණින්, රටේ අර්බුදයක් තිබුණු පමණින් ව්‍යවස්ථාවට පටහැණිව, නීතියට පටහැණිව, සමාජ සාරධර්මවලට පටහැණිව ක්‍රියා කිරීම වැරදියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)