Monday, July 21, 2025
Follow Us
තවත් ගැටලු ඇති බව දේශපාලන පක්ෂ කියයි

මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ පැවැත්වෙනවා.

මැතිවරණය ජූනි මස 20 වනදාට නියම කිරීම සහ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරෙන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාව සහ මහමැතිවරණය ජූනි 20 වනදාට නියම කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසුවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර කියා සිටියේ පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමේ දිනය තීන්දු කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි. .

එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

"මෙවැනි තත්ත්වයක් තුළ මැතිවරණ ව්‍යාපරයකට සූදානම් වුවහොත් කොරෝනා වෛරසය ගෙන යන අය බවට ආධාරකරුවන් පත්විය හැකියි."

සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අදහස් විමසුවා.

එහිදී සඳහන් කෙරුණේ මෙම දිනයටත් ඡන්දය පවත්වන්නට හැකි වේ දැයි ඉදිරියටත් සොයා බලන්නට සිදු වෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීම හරහා ඇති වෙන තත්ත්වය ඉදිරියේදී සොයා බැලිය යුතුව ඇති බවයි.

(Neth)